Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රධාන පක්ෂ තුනම නැතහොත් සියලු ප්‍රධාන පක්ෂ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම පිළිගැනීමට අවශ්‍ය බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් අවධාරණය කර තිබේ.
ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවකට එළඹිය යුතුද යන්න සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවේ අනාගතය කුමක්ද යන්න මෙරට විවාදාත්මක ප්‍රශ්නයක් බව තමන් දන්නා බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
මහ කොමසාරිස්වරයා එවැනි ප්‍රකාශයක් කරන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රධාන පාර්ශ්ව විවිධ ප්‍රකාශ සිදුකර ඇති පසුබිමකය.
වැඩසටහන සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බවට පවා එම පාර්ශ්ව ප්‍රකාශ කර තිබිණි.
“මට කියන්නට අවශ්‍යවෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණය ළං වෙනකොට මෙම ගනුදෙනුව අවශ්‍ය නොවන බව පවසන අපේක්ෂකයන් සිටින්න පුළුවන්. ඒක හරිම ගටලුසහගතයි. නැතහොත් නැවත සාකච්ඡා කිරීම පහසු බව සහ ඔවුන්ට වෙනත් මාර්ගයක් ඇති බවකියන්න පුළුවන්, ”ඔහු පැවසීය.
“මම හිතන්නේ මම මෙහි ඡන්ද දායකයෙක් නම් සහ මට දේශපාලනඥයෙක් කිව්වොත් ඔවුන්ට එය නොගෙන අනාගතයට පහසු විසඳුමක් ලබා දිය හැකියි කියලා එය නිවැරදිද යන්න පිළිබඳ මම හොඳින් සිතා බලනවා” යනුවෙන් ඔහු පැවසීය.
එක්සත් රාජධානිය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන සාමාජිකයෙකි.
එසේම, එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කරන පැරිස් සමාජයේ ද සාමාජිකයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart