Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් චෝදනා කරන ලද පරිදි කොමිසමේ කිසිදු සාමාජිකයකු කිසිදු අල්ලසක් ලබාගෙන නොමැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාපතිනි විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශාන්ති ඊවා වනසුන්දර පවසයි.
ඉකුත්ඔක්තෝබර් 20වැනිදා පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමැතිවරයා චෝදනා කරන ලද්දේ, අලුතින් පනවන ලද දූෂණ විරෝධී පනත පනත් කෙටුම්පත සම්බන්ධ කටයුත්තකදී එම කොමිසමේ සාමාජිකයකු අල්ලසක් ලබාගත් බවට වාර්තා වී ඇති බවයි.
මේ සම්බන්ධව කරුණු දක්වන සභාපතිනි විනිසුරු ඊවා වනසුන්දර පවසා ඇත්තේ, එවැනි සිදුවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, එබැවින් එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත්ය.
එමෙන්ම කොමිසමේ නව පත්වීම් සිදුකිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව සතුව පවතින බවත් , නව කොමසාරිස් ඇතුළු නිලධාරී මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් බාධා නොකරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවධාරණය කරයි.
(මූලාශ්‍රය – The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart