Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය දෙවැනි ශ්‍රී ලාංකිකයා වන සුජිත් බණ්ඩාර යටවරගේ දේහය මෙරටට එවීමට කටයුතු කරමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
යටවරගේ දේහය ඉදිරි දින දෙක තුළ තානාපති කාර්යාලය වෙත භාරගැනීමට නියමිත බව තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළේය.
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවකු ලෙස රැගෙන ගොස් සිටි බවට සැක කළ සුජිත් බණ්ඩාර යටවර මියගොස් ඇති බවට ඊශ්‍රායල පොලීසිය තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ඔහු සඳහන් කර තිබුණේ, හඳුනානොගත් මළ සිරුරකින් ගත් DNA සාම්පල ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සමග සැසඳෙන බවට ඊශ්‍රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව සනාථ කර ඇති බවයි.
මිය ගිය සුජිත් බණ්ඩාර යටවරගේ දේහය ලැබුණු විට එරට පුද්ගලයන්ට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබාදී ශ්‍රී ලංකාව වෙත එවීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවද නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට ඊශ්‍රායල – හමාස් ගැටුමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart