Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕනෑම නීතියක් අභියෝගයට ලක්කළ හැකි පරිදි සහ නැතහොත් ඒවා පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුවත් සංශෝධනය කළහැකි වන පරිදි නීති සම්පාදනයෙන් පසු අධිකරණ සමාලෝචන ක්‍රියාවලියක් සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කරයි.
එම සංගමය චෝදනා කරන්නේ, ආණ්ඩුව විසින් නව නීති සම්පාදනය කිරීමේදී අදාළ පාර්ශ්වකරුවන්ගෙන් නිසි උපදෙස් ලබා නොගන්නා බවටයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න පවසා ඇත්තේ, නව නීති සම්පාදනයක් හඳුන්වා දීමේදී රජය නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කළ යුතු අතර සියලුම පාර්ශ්වකරුවන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවයි.
“හතු පිපෙන්නාක් වැනි වූ කමිටු තම තමන්ගේ කැමැත්තට අදාළ තීරණ ගන්නවා, රජය නව නීති හඳුන්වා දෙමින් සිටිනවා. එය අපගේ අවධානය යොමු වී ඇති ප්‍රධාන කාරණයන්ගෙන් එකක්. අපට එය නොසළකා හරින්න බැහැ. රජය ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගේ අදහස් විමසන්න ඕනේ. මේ වගේ අඩුපාඩුවලට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දිගටම සටන් කරනවා” යැයි ඔහු පවසයි.
“අපගේ නීතියට අනුව, නීති සම්පාදනය කිරීමෙන් පසු යම් නීති සම්පාදනයක් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි අධිකරණ සමාලෝචන ක්‍රියාවලියක් අපට නැහැ, නීතියක් සම්මත වූ පසු එය සම්මත වී අවසන්. අපි ඒ ගැන සැළකිලිමත් වෙනවා. යම් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුවත් එහි වලංගුභාවය අභියෝගයට ලක්කළ හැකි ක්‍රමවේදයක් අපේ නීති පද්ධතිය තුළ ඇති කිරීමට අපි දිගටම කටයුතු කරනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.
විවිධ පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්ව ඇති 2024 අංක 09 දරන ඔන්ලයින් ආරක්ෂණ පනත පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ නවරත්න පවසා ඇත්තේ, එය නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමෙන් සම්මත වී නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම අදහස් පළකළ බවයි.
“අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුගමනය කර නැහැ. එය තමයි හේතුවුණේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක්කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇත්තේ ඒ සඳහා එයට අධිකරණ බලය නොමැති බවයි. කෙසේවෙතත් ඊට එරෙහි මහජන උද්ඝෝෂණය නතර වී යන්නේ නැත. අවම වශයෙන් මෙම පනතට ප්රගතිශීලී සංශෝධන ගෙන ඒම සඳහා රජයට බලපෑම් කිරීමට අපි නිසැකවමකටයුතු කරනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
පසුගියදා ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ, විවිධ ක්ෂේත්රවලට අදාළ නීති යාවත්කාලීන කිරීමේ අරමුණින් 2022 සහ 2023 වසර තුළ පනත් 35ක් සම්මත කර ඇති බවයි.
මේ වසරේ දී ව්‍යවස්ථාදායක යාවත්කාලීන කිරීම් අඛණ්ඩව සිදුවනු ඇති බවත් ඒ යටතේ පනත් කෙටුම්පත් 60ක් සම්මත කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත වැනි රජය විසින් පනවනු ලැබූ සහ සම්මත කිරීමට නියමිත එවැනි පනත් කිහිපයක් විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ලක්ව ඇත. (The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart