November 23, 2023

රටේ ආර්ථික බංකොලොත්භාවය සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මේ වනවිට ගැඹුරු පරීක්ෂණයක් සිදුකරමින් සිටින බවත්, එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් මත පදනම්ව තේරීම් කාරක සභාවේ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය නොවන බවත්, රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු විමර්ශනය කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

පසුගිය නොවැම්බර් 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති හා මුදල් ඇමැති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ තවත් කිහිපදෙනෙක් ආර්ථික පසුගිය වසරේ ආරම්භවූ අර්බුදයට වගකිව යුතු බවය.

විපක්ෂයට අවශ්‍යව ඇත්තේ සිය තේරීම් කාරක සභාව අහෝසිකර දැමීම වුවත්, එය සිදුකිරීමට තමන් සූදානම් නැති බවද මහලේකම්වරයා සඳහන් කරයි.

ආර්ථික බංකොලොත් භාවයට ඇත්ත වශයෙන්ම වගකිව යුත්තේ කවුරුන්ද යන්න විපක්ෂයේ සියලුදෙනා දන්නා නමුත්, ඒ පිලිබඳ සැබෑ තොරතුරු හෙළිවනවාට විපක්ෂය අකමැති බවත්, ඒ නිසා තේරීම් කාරක සභාව පත් කළ දා සිට ඔවුන් එයට විරුද්ධ බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%