Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර කවුන්ටර කළමනාකරණය සහ ඒවායේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ අතිරේක පොලිස් භට පිරිස් යෙදවීමට පියවර ගෙන තිබේ.
සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය විසින් ආරම්භ කර ඇති පැය 24ක සංකේත වැඩවර්ජනයට ප්‍රතිචාර ලෙස මෙම පියවර ගෙන ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
වෘත්තීය සමිතිය වැඩවර්ජනය පිළිබඳව බලධාරීන්ට දැනුම් දී ඇත්තේ, එම ක්‍රියාමාර්ගයට දිනකට පෙරය.
වර්ජකයන් විසින් ටිකට් නිකුත් කරන යන්ත්‍ර රැගෙන යෑම, කාඩ්පත් ලබා නොදීම වැනි අභියෝග මධ්‍යයේ වුවද යොදවා ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමඟ මෙහෙයුම් කටයුතු සාමකාමීව සිදු කරන බව ජෙනරාල්වරයා සඳහන් කරයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ යුද හමුදාවද, කටුනායක අධිවේගී මාර්ගයේ ගුවන් හමුදා සෙබළුන්ද, මධ්‍යම අධිවේගී මාර්ගයේ (කුරුණෑගල) නාවික හමුදාවද මෙහෙයුම් කටයුතු සඳහා යොදවා ඇති බව ඔහු පවසයි.
අධිවේගී මාර්ග පද්ධතිය පෞද්ගලීකරණය කිරීම නැවැත්වීම ඇතුළු විවිධ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය අද මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart