Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ අවමංගල්‍ය උත්සවයේ දී ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සේවා සපයා ඇති බව The Sunday Morning පුවත්පත වාර්තා කර තිබේ.
රාජ්‍ය ඇමැතිවරයාගේ අවසන් කටයුතුවලින් අනතුරුව පැවති අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආහාර ලබා දුන්නේද යන්න පිළිබඳ සමාජ මාධ්‍යවල පළවූ සටහන් මගින් ප්‍රශ්න කර තිබිණි.
කෙසේවෙතත්, The Sunday Morning වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පවසා ඇත්තේ හමුදාව යොදවා ඇත්තේ ආහාර සකස් කිරීමට මිස අමුද්‍රව්‍ය ලබාදීමට නොවන බවයි.
“ඒක වැරදි තොරතුරක්. අපි කෑම හදපු එකයි කළේ. පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී ඉදිරිපත්වුණේ එම අවශ්‍යතාවයි. ඔවුන්ට කෑම පිළියෙළ කිරීමට අපේ සහය අවශ්‍ය වුණා. අවශ්‍ය වූ අමුද්‍රව්‍ය සපයන්න ඇත්තේ පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් ඥාතීන් විසින්,” යැයි ඔහු පැවසීය.
මෙය යුද හමුදාව අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියාවක් දැයි The Sunday Morning කළ විමසීමට ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉල්ලීමක් කළහොත් එම සේවාවන් ලබාදීමට යුද හමුදාපතිවරයාට අභිමතය ඇති බවයි.
ආපදාවලදී පවා යුද හමුදාව මෙම සේවාවන් සපයන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
සේවය ලබාදීමේදී යුද හමුදාවට දැරීමට සිදුවන වියදම් පිළිබඳ මේජර් ජෙනරාල් කුමාරගෙන් The Sunday Morning කළ ප්‍රශ්න කිරීමට ඔහු පවසා ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ දැනටමත් යොදවා ඇති බලඇණියේ කෝකියන් අවමංගල්‍ය උත්සවයේදී සේවය ලබාදුන් බවයි.
රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ජනවාරි මාසයේදී මිය ගියේ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart