Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 වසරේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වූ විත්තිකරුවන්, තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් 2024 ජනවාරි 22 වැනිදා යළි කැඳවීමට නියෝග කර තිබේ.
මෙම නඩුව අද (ජනවාරි 09) ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගපුල්ලි සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
එහිදී මෙම නඩුවට අදාළ සිංහල භාෂා පරිවර්තන පිටපත් නීතිපතිවරයා වෙත භාරදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.
2017 සැප්තැම්බර් 27 වැනිදා 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුව විභාග කළ යාපනය මහාධිකරණය එම නඩුවේ ප්‍රධාන සැකකරු ‘ස්විස් කුමාර’ ඇතුළු විත්තිකරුවන් 07 දෙනාට මරණ දඬුවම නියම කළේය.
මරණීය දණ්ඩනයට අමතරව සැකකරුවන්ට තවත් වසර 30ක සිරදඬුවමක් ද නියම කෙරිණි.
2015 මැයි 13 වැනි දින පාසල නිමවී නිවස බලා යමින් සිටියදී, යාපනයේ පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart