August 31, 2024

මේ දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සෙ සංසරණය වෙන දෙමෝදර ආරුක්කු 9 පාළම ආසන්නයේ ඡායාරූපයේ සත්‍ය තොරතුරු අප සොයාබැලූ අතර, පාලම ආසන්නයේ මෙමෙ පස් කඳු කොටස නායයෑමේ අවධානම් තත්ත්වයක් සහ ලක්ෂණ මතුව ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අප කළ විමසීමකදී සදහන් කළේය.

මේ හේතුවෙන් මාර්ගයට සහ පාලමට අවධානම් තත්ත්වයක් ඉදිරියේදි ඇතිවීමට ඉඩ ඇති බවින් එය වැළක්වීම සදහා මෙම ස්ථානයේ මේ දිනවල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මීට වසර කිහිපයකට ඉහතදි ආරුක්කු නවය පාළම අවට ප්‍රදේශයේ කිසිදු ඉදිකිරීමක් නොතිබූ අතර කදු බෑවුමේ ඉහළ කොටසේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත මෙය සිදුව ඇති බව මේ දෙස උවමනාවෙන් බලන්නෙකුට තේරුම්ගත හැක.

(Uva News)