January 3, 2024

නව වසරේ කිරි උතුරවා අලුත් ආකාරයකට කටයුතු කරන බව කීවද, ටික දිනකින්ම යළි කටයුතු කරන්නේ පෙර පරිදිම යැයි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහානායක හිමියෝ මහනුවරදී පෙරේදා (01) පැවැසූහ.

මෙලෙස කටයුතු කරන රටක ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් බලාපොරොත්තු විය නොහැකි යැයිද මහානායක හිමියෝ කීහ.

මහානායක හිමියන් එසේ පැවැසුවේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.

මහානායක හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව කියා බලයට පත් වූ පුද්ගලයන් එම පුටුවට ගිය පසු එය අමතක කළ බවත්, ඉදිරි ජනාධිපතිවරණයේදී ද එම මාතෘකාව කරළියට ගෙන පසුව අමතක කරනු ඇති බවත්ය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%