September 8, 2024

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් වැලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා එක්විය.

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ අගෝස්තු 21 වැනිදාය.