January 4, 2024

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ වෙන්කට් ප්‍රභූගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සමගින් අද මෙරටදී ආරම්භ වේ.

මෙම චිත්‍රපටය තලපති විජේගේ 68 වැනි චිත්‍රපටය බැවින්, චිත්‍රපටයේ ආරම්භක අවස්ථාවේ එය තාවකාලික ලෙස නම්කර තිබුණේ ‘තලපති 68’ ලෙසයි.

කෙසේවෙතත් නව වසර නිමිත්තෙන් නිෂ්පාදකයන් විසින් චිත්‍රපටයේ නිල නාමය එළිදක්වන ලද අතර, චිත්‍රපටය නම් කර ඇත්තේ ‘G.O.A.T.’ හෙවත් ‘The Greatest of All Time’ යනුවෙනි.

ඒ අනුව, චිත්‍රපට කණ්ඩායම ඔවුන්ගේ නවතම රූගත කිරීම් ශ්‍රී ලංකාවේදී ආරම්භ කර තිබේ.

සතියකට පෙර හයිද්‍රාබාද්හි රූගත කිරීම් කාලසටහන අවසන් කිරීමෙන් පසු,රූගත කිරීමේ ස්ථාන සෙවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි වෙන්කට් ප්‍රභූ හැර ‘GOAT’ කණ්ඩායම නව වසර සැමරීමට විවේකයක් ගනු ලැබීය.

චිත්‍රපටයේ මීළඟ රූගත කිරීම් කාලසටහන අනුව අද ශ්‍රී ලංකාවේදී එම කටයුතු ඇරඹුණු අතර එය කෙටි කාලයකින් අවසන් වනු ඇත.

චිත්‍රපටයේ නම සමඟින් එහි එක් දර්ශනයක් එළිදක්වමින්, ‘GOAT’ නිෂ්පාදකයන් නව වසර සඳහා රසිකයන්ට ද්විත්ව සංග්‍රහයක් ලබා දී තිබේ.

ඒ, නිෂ්පාදකයන් විසින් තවත් එක් පෝස්ටරයක් රසිකයන් සමග බෙදාගනිමිනි.

තලපති විජේ රඟන මෙම චිත්‍රපටයේ උද්වේගකර පෝස්ටර් දෙක ප්‍රේක්ෂකයන් උද්දීපනය කර ඇති අතර චිත්‍රපටය පිළිබඳ උපකල්පන කිහිපයක් ද සමාජ මාධ්‍යවල පැතිරෙමින් තිබේ.

විජේ වයස් දෙකක චරිත ලෙස ද්විත්ව චරිත රඟපාමින් සිටින අතර, ඔහුගේ චරිත දෙකම නිෂ්පාදකයන් විසින් එළිදක්වන ලදී.

මීනක්ෂි චෞද්‍රි කාන්තා ප්‍රධාන චරිතය රඟපාන අතර තවත් ජනප්‍රිය තරු කිහිපයක්ම මෙම චිත්‍රපටයට දායක වේ.

යුවන් ශංකර් රාජා චිත්‍රපටය සංගීතවත් කරන අතර, චිත්‍රපටයේ පළමු ගීතය මීළඟට නිකුත් කිරීමට නිෂ්පාදකයන් සූදානම් වේ.