February 8, 2024

ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තලංගම ජයසිංහයන් අභවප්‍රාප්ත වී තිබේ.

අභවප්‍රාප්ත වන විට තලංගම ජයසිංහයන් 88 වැනි වියෙහි පසුවිය.

ඊයේ (07) රාත්‍රියේ ඔහු අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ ඥාතීහු පවසති.

රටට වින කටින්නන්ට එරෙහිව පෑනෙන් සහ තෙළිතුඩෙන් සටන් කළ ප්‍රවීණ මාධ්‍යවේදියකු ලෙස ඔහු ප්‍රකටය.

තලංගම ජයසිංහයන් ලංකාදීප පුවත්පතට ‘පලාමල්ල’ කාටුනය ද ‘අනේද කියන්නේ’ යන සිවුපද කවිය ද දිනපතා නිර්මාණය කළේය.

චිත්‍රකතාකරුවෙක් මෙන්ම කාටුන් ශිල්පියෙක් ලෙස ද සිය අනන්‍යතාව සටහන් කරන තලංගම ජයසිංහයන් මුල්කාලීනව සතුට, මධුර,සිත්තර සහ සත්සිරි වැනි පත්තර හරහා චිත්‍ර ශිල්පියකු මෙන්ම චිත්‍ර කතා රචකයකු ලෙස කටයුතු කර තිබේ.

තලංගම ජයසිංහයන් තියුණු දැක්මකින් යුතුව සමාජය විනිවිද දැකීමේ දේශපාලන ඥානයකින් සිය චිත්‍ර කතාව පෝෂණය කළ අයකු ලෙස ප්‍රකටය.

සප්ත කන්‍යා සිනමාපටය නිර්මාණය වන්නේ තලංගම ජයසිංහයන්ගේ අතිශයින් ජනප්‍රිය වූ ‘වියරු මුහුද’ චිත්‍ර කතාව ඇසුරෙනි.

ඔහු ‘දිනමිණ’ පත්‍රයට පිවිසෙන්නේ 1954 වසරේදී ය.

ඉනික්බිති ‘සිළුමිණට’ ‘ඇටසැකිල්ල’ ‘මිනිස්‌ දඩයම’ වැනි ජනප්‍රිය චිත්‍රකතා දායාද කළේය.

නික්ම යන විට ඔහු පාඨකයන් අතර වඩාත් ප්‍රකටව සිටියේ Aතුමා කාටුනයෙනි.

42.31%
17.27%
32.76%