January 9, 2024

තලෙයිමන්නාරම පොලිසිය තුළ බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් එම පොලිසියේම රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයාට ඇප ලබා දී කැදවා යෑමට පැමිණෙන ලෙස පවුලේ අයට දැනුම්දුන්න ද කිසිවකු නොපැමිණි
නිසා පෞද්ගලික ඇපයක් මත ඊයේ (08) මුදාහරින ලදැයි පොලිසිය කියයි.

මෙම උප පොලිස් පරික්ෂකවරයාගේ වැඩ පෙරේදා සිට ක්‍රියාත්මකවන පරිදි තහනම් කර ඇත.

මූලික විමර්ශනයක් පවත්වා උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කරනු ලැබුවේ මන්නාරම සහකාර පොලිස් අධිකාරීවරයා විසිනි.

42.31%
17.27%
32.76%