Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව අංක එකේ ධනවතා මෙන්ම ටෙස්ලා සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් මෙම වසර අවසානයේදී ටෙස්ලා නමින් ස්මාර්ට් ජංගම දුරකථනයක් වෙළඳපොළට හඳුන්වාදීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මත පළවෙමින් තිබේ.
ඒවායෙහි දැක්වෙන්නේ, 2024 අවසානයේදී එලෝන් මස්ක් එම දුරකථනයටම පමණක් සීමා වූ ප්‍රධාන අංග තුනක් සහිත Tesla Pi නමින් ස්මාර්ට් ජංගම දුරකතනයක් එළිදක්වනු ඇති බවයි.
එම දුරකථනය භාවිත කරන්නා විසින් බැටරිය විදුලියට සෘජුව සම්බන්ධ කර ආරෝපණය කිරීම අවශ්‍ය නොවන අතර, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන බැටරියක් සහිතව එළිදක්වනු ඇති බව පැවසෙයි.
එම සියලුම Tesla Pi ස්මාර්ට් ජංගම දුරකථනය ස්වයංක්‍රීයව ස්ටාර්ලින්ක් වෙත සම්බන්ධ වන බැවින් එයට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවන බව ද සඳහන් වේ.
එමෙන්ම එම දුරකථනය සඳෙහි සහ අඟහරු ග්‍රහයා මත පවා භාවිත කළ හැකි වනු ඇති බවට ද ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් පෙන්වා දී තිබේ.
ඇතැමුන් මත පළකර ඇත්තේ එලෝන් මස්ක්ගේ ටෙස්ලා දුරකථනයේ මිල අමෙරිකානු ඩොලර් 299 ක් පමණ වනු ඇති බවයි.
එමගින් මෝටර් රථය, නිවස සහ තවත් දේ බාධාවකින් තොරව පාලනය කළ හැකි වනු ඇති බවට ද ඇතැමුන් මත පළකරයි.
එමෙන්ම එම දුරකථනය වෙළඳපලට නිකුත් වූවහොත් එය අයිෆෝන් සහ සැම්සුන් හි අවසානය වනු ඇති බවට ද ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වාර්තා කරන ඇතැම් විදෙස් ජනමාධ්‍ය පෙන්වා දෙන්නේ එලෝන් මස්ක් ටෙස්ලා නමින් ජංගම දුරකථනයක් හඳුන්වා දෙන බවට පළ වන වාර්තා හුදෙක් කටකතා පමණක් බවයි.
ඊට හේතුව ලෙස එම වාර්තා පෙන්වාදෙන්නේ, ටෙස්ලා සමාගම විසින් හිමිකම් පෑම සඳහන් කිසිදු විශේෂාංගයක් සහිත නව ස්මාර්ට් ජංගම දුරකතනයක් මෙතෙක් නිවේදනය කර නොමැති බවයි.
එමෙන්ම එලෝන් මස්ක් හෝ සිය සමාජ මාධ්‍ය ගිණුමක් මගින් මෙම වසරේ නිකුත් කිරීමට නියමිත ස්මාර්ට් ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් සිදු කර නොමැති බව සඳහන්.
කෙසේවෙතත් 2024 ඔක්තෝබර් 30 වන දින, ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයෙකු ඡායාරූපයක් බෙදාගනිමින්, කියා සිටියේ එලෝන් මස්ක්ගේ විදුලි වාහන සමාගමක් වන Tesla විසින් Tesla Pi නමින් ස්මාර්ට් ජංගම දුරකතනයක් 2024 අවසානයේ නිකුත් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart