Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ වයස ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර එම වයස් සීමාව මේ වන විට අවුරුදු 17 දක්වා ළඟා වී ඇති බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දික ද ලැනරෝල් ප්‍රකාශ කරයි.
ජනමාධ්‍ය අමතමින් ඔහු කියාසිටියේ හෘද රෝග හටගැනීමේ වයස් සීමාව මීට පෙර අවුරුදු 50 ත් 70 ත් අතර වූ බවයි.
හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ වයස අඩුවීම රටේ සංවර්ධනයට ඇති සම්බන්ධය පිළිබඳ කනස්සල්ලට හේතු වන බව ද ඔහු පැවසීය.
සංවර්ධිත රටවල ද හෘද රෝග හටගැනීමේ වයස අඩුවෙමින් පවතින බව ඔහු පෙන්වාදුන්නේය.
නිර්දේශයන්ට අනුව, ඇමරිකාවේ සහ යුරෝපයේ රෝහල්වල, හෘද රෝග විනිශ්චය කිරීමෙන් විනාඩි 60ක් ඇතුළත ස්ටෙන්ට් ඇතුල් කිරීමට හැකියාව පවතී.
ඇතැම් විදේශීය රෝහල්වල මෙම කාලය විනාඩි 120 දක්වා දීර්ඝ විය හැකි බව ඔහු පැවසීය.
විනාඩි 20ක් 30ක් ඇතුළත ස්ටෙන්ට් එකක් ඇතුළු කළ නොහැකි නම්, එම අවස්ථාවේදී හෘදයාබාධයක් ඇතිවීම වැළැක්වීම සඳහා විකල්ප ඖෂධ ලබාදිය යුතු බවද කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දික ද ලැනරෝල් වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart