Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පලස්තීන සිවිල් වැසියකුගේ මරණයට සහ ඔහුගේ සිරුරට අවමන් සහගත ලෙස සැලකීම සම්බන්ධයෙන් වගකිව යුතු යැයි කියන ඊශ්‍රායල සොල්දාදුවකු වන ගැල් ෆෙරන්බුක් නමැත්තා මේ වන විට ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශයේ සිටින බවට බෙල්ජියම පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන හින්ද් රජබ් පදනම චෝදනා කරයි.
පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ඔහුගේ භූමිකාව වෙනුවෙන් ‘ටර්මිනේටර්’ ලෙස හඳුන්වන ෆෙරන්බුක්, අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් නිල වශයෙන් ඉල්ලා ඇති බවත්, ඒ සඳහා අන්තර්ජාතික අපරාධ අධිකරණය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා ඇති එම පදනම පවසයි.
මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණය වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඔහු අල්ලා ගැනීම සඳහා අන්තර්ජාතික රතු නිවේදනයක් නිකුත් කරන ලෙස අන්තර්ජාතික පොලිසියට දන්වා ඇති බව ද හින්ද් රජබ් පදනම පෙන්වා දී තිබේ.
එමෙන්ම එම පදනම වැඩිදුරටත් පවසන්නේ, ෆෙරන්බුක් අදාළ පලස්තීන වැසියාගේ ඝාතනයට සම්බන්ධ වීම ගැන සිනාසෙමින් පුරසාරම් දොඩන අයුරු සහ මියගිය පුද්ගලයා යුද කුසලානයක් ලෙස සලකන බවත් පවසන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ මගින් නිරූපණය වූ බවයි.
එබැවින් සැකකරු මියගිය පුද්ගලයාගේ ගෞරවය නොසලකා හැරීමෙන් අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කරන ඇති බව ද හින්ද් රජබ් පදනම චෝදනා කරයි.
“Ferenbook ශ්‍රී ලංකාවේ සිටීම ඔහුට වගවීම සඳහා තීරණාත්මක අවස්ථාවක් සපයයි. ශ්‍රී ලංකා බලධාරීන්, අන්තර්ජාතික අපරාධ අධිකරණය සහ ජාත්‍යන්තර පොලිසිය යුක්තිය සහතික කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කළ යුතු අතර එවැනි කුරිරුකම් සඳහා දණ්ඩමුක්තිය නොඉවසන බව පෙන්නුම් කළ යුතුය,” පදනම පවසයි.
කෙසේවෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්නගෙන් ජනමාධ්‍ය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, අදාළ කරුණ සම්බන්ධයෙන් අමාත්‍යාංශයට නිශ්චිත තොරතුරු ලැබී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart