October 26, 2023

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවන බව ශ්‍රී ලංකාවේ වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අන්තර්ජාතික සමාගම්වලට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි බවත්, එම ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු එක් විශේෂිත සමාගමක් තෝරා ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරයි.