April 23, 2025

මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් භාවිත කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ද කැඳවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අද සවස අහසට වෙඩි තබා තිබිණි.

බන්ධනාගාර නිලධාරීන් රැඳවියෙකු වෙනත් ස්ථානයකට මාරු කිරීමට උත්සාහ කළ විට කලබලයක් ඇති වූ බව වාර්තා විය.

මෙම මාරුකිරීමට ප්‍රතිචාර වශයෙන්, එක් වාට්ටුවක රැඳවියන් පිරිසක් විරෝධතා දැක්වීමට පටන්ගෙන ඇති අතර නොසන්සුන් ලෙස හැසිරී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, සාමය යථා තත්ත්වයට පත්කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අහසට අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමට සිදුව ඇත.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, මාතර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව, බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) යොදවා ඇත.