February 2, 2024

උසස් පෙළ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම සඳහා දිනකට ලබාදෙන රුපියල් 2000ක දීමනාව මෙවර ලබානොදීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන ජෝසප් ස්ටාලින් පවසන්නේ, පසුගිය වර ලබාදුන් මෙම රුපියල් 2000ක විශේෂ දීමනාව මෙවර ලබානොදීමට රජය කටයුතු කර ඇති බැවින් මෙලෙස පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

42.31%
17.27%
32.76%