July 19, 2024

උතුරුමැද පළාතේ ගුරුවරුන්ට සිය පාසලේ සිසුන්ට මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.
ඒ, උතුරු මැද පළාත් ලේකම් සිරිමෙවන් ධර්මසේනගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයකිනි.

ඒ අනුව අදාළ ගුරුවරුන්ට පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව, සති අන්ත නිවාඩු දිනවල හෝ රජයේ නිවාඩු දිනවල උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හෝ ඊට සමගාමී වැඩසටහන් පැවැත්වීම තහනම් වේ.

අදාළ චක්‍රලේඛය උල්ලංඝණය කරන ගුරුවරුන් සම්බන්ධ තොරතුරු, 025 22 36 331 යන දුරකථන අංකයට දැනුම්දිය හැකියි.

උතුරුමැද පළාත් සභාව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ගුරුවරුන් සිය පෞද්ගලික පන්තිවලට සහභාගී නොවන දරුවන් පන්ති කාමර තුළදී නොසළකා හැර, විවිධ කායික හා මානසික පීඩාවන්ට ලක්කරන බවට ලැබුණු පැමිණිලි සැළකිල්ලට කරගනිමිනි.

42.31%
17.27%
32.76%