June 12, 2024

මීට දශකයකට පමණ පෙර බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ කුලී රථ රියදුරකුට කොළඹ මහාධිකරණය වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

35 හැවිරිදි මෙම පුද්ගලයා තම නිවස ආසන්නයේ කුලී නිවසක පදිංචිව සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට සූදානමින් සිටි දැරියට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇත.

මෙම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ වරදකරුට රුපියල් 10,000 ක් දඩ මුදලක් සහ වින්දිතයාට රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

වන්දි මුදල නොගෙවන්නේ නම් එය අතිරේක දඩයක් ලෙස අයකර ගන්නා බවත් එම දඩයද ගෙවීමට වැරදිකරු අපොහොසත් වුවහොත් අමතර වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් තීන්දු කළේය.

42.31%
17.27%
32.76%