Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට මද්‍යසාර භාවිතයෙන් මේ වසරේදී රුපියල් බිලියන 237ක සෞඛ්‍ය හා ආර්ථික හානියක් සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල කළ අධ්‍යනයකට අනුව මේ බව අනාවරණය වී ඇතයි ඇඩික් සංවිධානයේ උපදේශක පුබුදු සුමනසේකර පවසයි.
මද්‍යසාර භාවිත කිරීමෙන් මාර්ග අනතුරු සිදුවීම, කාර්යාල හා කර්මාන්ත ශාලාවල කාර්යක්ෂමතාව අඩුවීම, නිෂ්පාදනය අඩුවීම, ගෘහ මුලිකයන් අකාලයේ මියයෑම, ඖෂධ ඇතුළු සෞඛ්‍ය උපකරණවලට අධික වියදමක් දැරීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා මෙය ගණනය කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කොළඹදී සංවිධානය කළ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
සෑම වර්ෂයකම රජය මද්‍යසාරවලින් ලබන ආදායමට වඩා වැඩි වියදමක් ඒවා පර්භෝජනයෙන් ඇතිවන සෞඛ්‍ය ඇතුළු අනෙකුත් ප්‍රතිවිපාක වෙනුවෙන් වැයකරන බවද හෙතෙම පවසයි.
2022 වසරේදී මත්පැන් සුරාබදු ආදායම රුපියල් බිලියන 165.2ක් බව පැවැසූ උපදේශකවරයා, රජය සෞඛ්‍ය ඇතුළු අනෙකුත් ප්‍රතිවිපාක වෙනුවෙන් ඊට වැඩි වියදමක් දරා තිබෙන බවද සඳහන් කරයි.
මෙරට වැඩිහිටි පිරිමින්ගෙන් සියයට හතළිහක්ම ද්‍යසාර භාවිත කරන බවත්, මද්‍යසාර ගැටලු තිබෙන පවුල්වලට සමෘද්ධි දීමනාව වැඩි වශයෙන් ලබාදී තිබෙන බවත්, එවැනි පවුල්වල ගැටලු විසඳීමට රජයට අධික වියදමක් දැරීමට සිදුව තිබෙන බවත්, ඔහු ප්‍රකාශ කර ඇත.
එසේම මද්‍යසාර හේතුවෙන් නිර්මාණය වන ගැටලු විසඳීමට යෑමෙන් පොලීසියේ පෙට්‍රල් ඇතුළු ඉන්ධන සහ මුදල් අතිවිශාල ප්‍රමාණයක් විනාශ වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart