Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වේදනා නාශකයක් ලෙස බහුලව භාවිත කරන සහ මත්ද්‍රව්‍ය ලෙස, ඇබ්බැහිවූවන් සහ පාසල් සිසුන් අතර බහුලව භාවිත වන ඖෂධ විශාල තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත රේගු ආදායම් කාර්ය සාධක බලකාය විසින් කොළඹ වරායේ එක් ගබඩාවක් වටළා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වලංගු බලපත්‍රයක් නොමැතිව ආනයනය කරන ලද ඖෂධ තොගය සොයාගෙන ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ කියාසිටියේ, මෙම තොගය පසුගිය සතියේ ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණ ඇති අතර ඖෂධ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන්ට NMRA බලපත්‍රයක් නොමැති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
එහිදී නිලධාරීන් විසින් අපස්මාරය සහ දරුණු ස්නායු රෝග වේදනාව සඳහා භාවිත කරන ප්‍රතිදේහජනක ඖෂධයක් වන Pregeb 150 mg හෝ Pregabalin කැප්සියුල මිලියන 1.8 ක් සොයා ගන්නා ලදී.
ලී පෙට්ටි 36ක් තුළ සඟවා තිබූ මෙම තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 90ක් බව පැවැසේ.
මෙම මත්ද්‍රව්‍ය සමඟ පාසල් සිසුන් ඉලක්ක කර මෙරටට ගෙන්වා ඇතැයි නිලධාරීහු සැකකරති.
පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බලපත්‍ර නොමැතිව මෙම ඖෂධ තොගය ආනයනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart