Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් එකඟතාවකට පැමිණ තිබේ.
ඒ සඳහා අදාළ පාර්ශ්ව ගිවිසුමකට ද අත්සන් තබා ඇත.
මෙලෙස ගිවිසුමට එළැඹි පාර්ශ්ව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ගේ ප්ලොට්, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය, නීතීඥ එන්. ශ්‍රී කාන්තගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික පක්ෂය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ්. ඇතුළු පාර්ශව හතකි.
දෙමළ සිවිල් සංවිධාන කිහිපයකින් සමන්විත දෙමළ ජනතා මහා සභාව ද ගිවිසුමට අත්සන් තබා ඇත.
මෙම ගිවිසුමට අත්සන් තැබීම යාපනයේදී අද සිදුකර තිබේ.
කෙසේවෙතත්, ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු කච්චි සහ නීතිඥ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නියෝජනය කරන දෙමළ ජාතික ජනතා පෙරමුණ අද ගිවිසුමට අත්සන් තබා නැති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart