Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් බලහත්කාරයෙන් හෝ ස්වෛච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම වෙත විශේෂ ලිපියක් යොමුකරන TGTE (දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව) අගමැති විශ්වනාදන් රුද්‍රකුමාරන් සඳහන් කරන්නේ, කුඩා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමග ශ්‍රී ලංකා හමුදාවට භාරවූ LTTE සාමාජිකයන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරන ලෙසයි.
එම ලිපිය මගින් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, “ඊයේ අවුෂ්විට්ස් විමුක්තියේ 80 වැනි සංවත්සරය සනිටුහන් කළා. ‘නැවත කිසිදා’ යන පාඨය තවමත් සැබෑවට ක්‍රියාවට නැංවී නැහැ. වර්ග සංහාරයේ මෙවලමක් විදියට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ලෝකයේ සමහර කලාපවල භාවිත වී තිබෙනවා” යනුවෙනි.
මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, “බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ සම්මුතියේ 31 වැනි වගන්තිය වෙන් කිරීම අවංලංගු කරන ලෙසත්, අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සත්‍ය හා බලහත්කාර අතුරුදහන් කිරීම් සඳහා වගවීම සහතික කරන කළයුතු බව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු බවත්”ය.
LTTE සටන්කාමීන්ට හා යුද්ධය අවසානයේදී ඝාතනයට ලක්වූ බිළිඳුන් ඇතුළු දරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට සිදුවූවේ කුමක්දැයි යන්න කිසිවෙකු තවමත් නොදන්නා බව රුද්‍රකුමාරන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මහලේකම් ඇග්නස් කැලමඩ්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
‘LTTE සොල්දාදුවන් විය හැකි බොහෝදෙනෙකු සිය පවුල් සමගම යටත් වී තිබෙන අතර අද වනවිට මුළු පවුලම අතුරුදහන්වී තිබෙනවා. මෙවැනි පවුල්වල සාමාජිකයන් ලෙස සිටි බිළිඳුන් හා දරුවන් පවා අද වෙද්දී අතුරුදහන් වී තිබෙනවා. මම හිතන්නේ ලංකාවේ අය අහන්න ඕන, ඒ කුඩා දරුවන්ට මොකද වුණේ කියලා. මාස හතර, මාස දහය වගේ කුඩා දරුවන්නේ ඡායාරූප පවා මා දැක තිබෙනවා. යුද්ධය අවසානයේදී තමන්ගේ කැමැත්තෙන්ම යටත්වුණු මිනිස්සු වගේම කුඩා දරුවෝ ගැනත් පිළිතුරක් නොතිබීමට සමාව දෙන්න බැහැ. ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ වචනයේ විධිමත් ආකාරයෙන් නෙමෙයි. ‘අපි යටත් වෙනවා කියලා’ හමුදාවට කියලා බාරවුණු මේ පිරිස තමයි අද අතුරුදහන් වෙලා ඉන්නේ.”
(https://groundviews.org/2024/05/20/addressing-sri-lankas-complex-human-rights-issues/ )
ඉහත ලිපිය තුළින් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, ලංකාව තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ස්වාධීන රාජ්‍යයක ස්වරූපයෙන් ස්වයංනිර්ණ අයිතිය සාක්ෂාත් කරගැනීම සඳහා උද්ඝෝෂණ කරන පුද්ගලයන් තුරන් කිරීමට පමණක් නොව ජන සංහාරයේ මෙවලමක් ලෙසද යොදාගෙන ඇති බව TGTE පවසයි.
“මේ අතුරුදහන් කිරීම් පිළිබඳ නිසි වගවීමක් වගේම නිසි ක්‍රියාමාර්ගයක් නොමැතිකම ගැන දෙමළ මව්වරු වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ විරෝධය පළකරලා තියෙනවා. තමන්ගේ දරුවන්ට වුණේ මොකක්ද කියලාවත් හරිහැටි නොදැන තමයි මේ මව්වරු දරුවන්ගේ සොහොන්කොත් වෙත යන්නේ.”\
බොස්නියානු ජන සංහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණය (ICJ) හමුවේ මහාචාර්ය ෆිලිප් සෑන්ඩ්ස් ඉදිරිපත් කළ තර්කය උපුටා දැක්වූ රුද්‍රකුමාරන් පවසන්නේ, “අතුරුදහන් වූවන්ගේ පවුල්වලට ඇතිවෙන මානසික වේදනාව හා කම්පනය ජන සංහාරයේ සාක්ෂියක් විය හැකි” බවයි.
මෙම ලිපියෙන් ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ සම්මුතිය අනුමත කර එය දේශීය නීතියේ කොටසක් බවට පත්කර ඇති බවත්, මෙම සම්මුතිය යටතේ පත්කරන ලද කමිටුව වෙත ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටීමට ඉඩ සලසන 31 වැනි වගන්තිය ඔවුන් විසින් වෙන් කර ඇති බවත්ය.
ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ ජාතිවාදය මුල්බැසගෙන ඇති නිසා දෙමළ ජනතාව හිංසාවට ලක්කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එකදු රාජ්‍ය අපරාධකරුවෙකු හෝ නීතිය ඉදිරියට පමුණුවා හෝ අත්අඩංගුවට ගෙන නොමැති බව පෙන්වා දෙමින් රුද්‍රකුමාරන් මෙම ලිපිය අවසන් කර තිබේ.
රුද්‍රකුමාරන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, “මීට මාස කීපයකට පෙර බලයට පත්වූ වත්මන් ජාතික ජන බලවේගය (NPP) රජය ද ඇතුළුව ආණ්ඩු වෙනස් වූවද කිසිදු අර්ථවත් ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් මේ බව පෙන්නුම් කර ඇත. ඒ නිසා අතුරුදහන්වූවන්‍ගේ දෙමළ මව්වරුන් පෙබරවාරි 4 (ශ්‍රී ලංකාවේ නිදහස් දිනය) කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.” යනුවෙනි.
එම ලිපියත් සමග ‘ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූ දෙමළ ළදරුවන්’ පොත් පිංච හා අන්තර්ජාතික සත්‍ය යුක්තිය ව්‍යාපෘතිය මගින් ප්‍රකාශයට පත්කළ යුද්ධය අවසායේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූ, යටත් වූ දෙමළ ජාතිකයින්ගේ ලැයිස්තුව’ ද ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart