December 21, 2023

ටෙලිකොම් ආයතනය විකුණා දැමීම සඳහා ලයිකා මොබයිල් ජාලයේ අධිපති අලිරජා සුබාෂ්කරන්ගේ ප්‍රමුඛත්වයෙන් මේ වනවිටත් ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බව ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අනාවරණය කළේය.

එච්.ඒ.අයි.එම්.එස්. ඉන්ටර්නැෂනල් ආයතනය අලිරජා සුබෂ්කරන් වෙනුවෙන් මෙම ලංසු තැබීම සහ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි ලබාදී ඇතැයි ද ජනමාධ්‍ය හමුවකදී හෙතෙම පැවැසීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

”විශේෂ පුද්ගලයෙක් පෙරේදා (19) ශ්‍රී ලංකාවට ආවා. ඔහු වෙන කවුරුත් නෙවෙයි කුප්‍රකට ලයිකා මොබයිල් ජාලයේ අධිපති අලිරජා සුබාෂ්කරන්. මේ අවස්ථාවේ ජනාධිපතිවරයා එක්ක එකතු වෙලා රවී කරුණානායක හා සම්බන්ධ වෙලා නිළි පරම්පරාවකුත් ඉන්නවා මේ ඩීල් එක පිටිපස්සේ. ජානකී විජේරත්න නිළිය තමයි මේ ඩීල් එක පිටිපස්සේ ඉන්නේ.

එච්.ඒ.අයි.එම්.එස්. ඉන්ටර්නැෂනල් කියන ආයතනය තමයි අලිරජා සුබාෂ්කරන් වෙනුවෙන් මේ ලංසු තැබීම, කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊ.ඕ.අයි එක දීලා තියෙන්නේ.

එතකොට මේ වනවිටත් ලංකා හොස්පිටල් සහ හිල්ටන් විකිණීම සඳහා ඊ.ඕ.අයි එක දීලා තියෙනවා. අලිරජා සුබෂ්කරන්ගේ අනුමැතිය සහිතව එච්.ඒ.අයි.එම්.එස්. කියන ආයතනය ලංකා හොස්පිටල් එකට අදාළ ඊ.ඕ.අයි එක දීලා තියෙනවා.

ඒ වගේම තවත් විදේශීය ආයතන රාශියක් මේ රටේ ධනය, මේ රටේ මහජනතාව වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන විකිණීමේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඔවුන්ගේ මිල ගණන් සහ මේවා මිලදී ගැනීමේ කැමැත්ත මේ වනවිටත් ප්‍රකාශ කරලා තියෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයන් සියලු දෙනාම මහපාරට බැහැල ඉන්න මේ අවස්ථාවේදී ඔවුන් තවමත් දන්නේ නෑ කොළඹ තරුපහේ හෝටලයක රහසිගත ස්ථානයක ටෙලිකොම් විකිණීමේ මහා ගනුදෙනු සාකච්ඡාව කුප්‍රකට ලයිකා අධිපති අලිරාජා සුබාෂ්කරන්ගේ ප්‍රමුඛත්වයෙන් සිද්ධ වෙනවා කියලා.”

42.31%
17.27%
32.76%