Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවන් සමීපයේ සිට ඡායාරූප ගැනීමෙන් හා ඔවුන් සමඟ සිනාසී කතාබහ කිරීම මගින් මෙරට කාන්තාවන් පහසුවෙන්ම රැවටීමට හැකි බවත්, එමගින් රටේ පවතින ප්‍රශ්න විසදීමට හැකියාව පවතින බවට ඇතැමුන් විශ්වාස කරන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවැසීය.
මෙරට කාන්තාවන් ඉතා බුද්ධිමත් පිරිසක් බැවින් ඔවුන් ව්‍යාජ දේශපාලන ප්රයත්නයන්ගෙන් මුලාකිරීමට නොහැකි බවත්, මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරමින් ආර්ථික ස්ථාවර බව ඇති කිරීම මගින් කාන්තාවන්ගේ සැබෑ ගැටලුවලට විසදුම් ලබාදීමට ආණ්ඩුව සමත්ව ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී අද (23) සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන එක් වූ අවස්ථාවේදීය.
ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් රාජ්‍ය සේවාවන් ජනතාව වෙතටම ගෙනයෑම අපේක්ෂා කරයි.
ඒ අනුව මෙම වැඩසටහන අද (23) හා හෙට (24) දෙදින කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.
“දැන් දැවැන්ත ලෙස පොස්ටර් කටවුට් ගහන පිරිසක් ඉන්නවා. රට පුරාම සැණකෙළියක් වාගේ ජනහමු රැස්වීම් තියමින් රට ගොඩගන්න ජනාධිපතිතුමා දරන උත්සාහයට කකුල් මාට්ටු දාන පිරිසක් ඉන්නවා. මේ පිරිස එදා කිව්ව දෙවල් ජනතාවට අමතක වෙන්න විදිහක් නැහැ. ඒ පිරිස දැනට අවුරුදු දහයකට විතර කලින් කීව්වෙ එවකට ජනාධිපතිවරයා මැතිවරණයට පොස්ටර් කටවුට් ගහන්නෙ චීනෙන් සල්ලි අරන් කියල. ඉතින් අද මම අහන්න කැමතියි මේ පිරිස මේ තරම් සල්ලී කන්දරාවක් වියදම් කරන්නෙ කොහෙන් කාගෙන් අරගෙනද කියල. මේක ප්‍රසිද්ධියේමයි අහනවා. ඒ වගේම මේ රටේ ජනතාවට මේකට උත්තර දිය යුතුයි. මේවා මේ රටේ ජනතාව දැනගත යුතුයි. ජනතාව දැන් බය නැතුව විමසන්න ඕනේ කොහෙන්ද ඔයාලට ඔය තරම් මුදල් කන්දරාවක් ලැබුණෙ කියල.
මේ කියන් දේ තේරුම් ගන්න අපට උපාධි ඕන නෑ. මේ කියන්නෙ අර වටු කුරුල්ලන්ගෙයි වටු වැද්දගෙයි කතාවම තමයි. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ තරුණ තරුණියගෙන් බ්‍රෙස්ලට් ඕනද කියල ඇහුවා. එතකොට හැමෝම ඒ කතාවට හිනාවුණා. ඒත් එක් තමයි එතුමාගේ දේශපාලන දර්ශණය.
ඔහු එදා මොකද්ද මේ කතාවෙන් ඇත්තටම අදහස් කලේ කියලා අද මම ඔබට කියන්නම්. එතකොට ඔබට තේරෙයි ඇයි ඒ කතාව අපට නොවැටහුනේ කියලා. බ්‍රෙස්ලට් එකක් කියන්නෙ අපට තියෙන අතිරික්ත ධනයට. අතිරික්තයක් නැති කෙනෙකුට කවදාවත් ඒ වගේ දෙයකට මුදල් හොයාගන්න, හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අතිරක්ත මුදල් තිබෙන යුගයක් නිර්මාණය කිරීමයි අපි අද මේ සිදුකරමින් ඉන්නනේ. ඒ නිසාමයි අපි ස්මාට් තාරුණ්‍යක් හදන්නේ. ස්මාට් වැඩ්ඩන් හදන්න කටයුතු කරන්නේ. ඒ නිසයි වෘත්තීය පුහුණුව ලබා දෙන්නේ. ඒ වෙනුවෙන්මයි ස්මාට් පන්ති කාමර ඇති කරන්නත් අපි කටයුතු කරන්නේ. ඒ මෙහෙයුමට උවමනා කරන මතවාදය තමයි රනිල්වාදය කියන්නෙ. රනිල්වාදය රහිතව අපට මේ රටට, මේ රටේ අනාගත පරපුරට උවමානා කරනා අතිරිකත ධනය ගොඩනගන්න බැහැ. අපිට නැවතත්ත නැගිටින ජාතියක් වෙන්න නම් අපි බෙදෙන්නේ නැතිව එක්වට කටයුතු කළයුතුයි. රනිල්වාදය තමයි අපට තියෙන එකම විකල්පය. අපට තියෙන එකම බලාපොරොත්තුව.
සමහරු හිතනව අපේ කාන්තාවන් ලේසියෙන්ම රවට්ටන්න පුලුවන් කියල. හිනාවෙලා ඔවුන්ව සමඟ ඡායාරූප ගත්තහම මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඡයාරූප අගෙන කාන්තාවන් මුලා කරන්න වත් රටේ ප්‍රශ්න විසඳන්නවත් බැහැ. ඇත්තටම මේ ප්රශ්නය ජයග්‍රහනය කරන්න හැකිවෙන්නේ ජයග්‍රහනය සඳහා වු වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පමණයි. අද කාන්තාවන්ගේ මූලික ගැටලු වලට විසදුම් ලැබෙමින් පවතිනවා.
කාන්තාවට තිබුණ මුලිකම ප්‍රශ්නයක් වුනේ සැමියා අයිස් ගහන එක, කුඩු ගහන එක. ඒත් අද යුක්තිය මෙහෙයුම හරහා ගංජා, කුඩු, අයිස් ඉතාම වේගයෙන් අත් අඩංගුවට ගනිමින් ඉන්නවා. ඒ වෙනුවෙන් පොලිසිය සුවිශේෂී කාර්යක් ඉටුකරනවා. ඒ නිසා අද සාමකාමී පරිසරයක් ගෙවල් වල නිර්මාණය වී තිබෙනවා. එහෙම නැතිව කාන්තාවන් දහස් ගණනක් ගෙනල්ලා ෆොටෝ ගැහුවා කියලා ඔවුන්ගේ ගෙවල්වල තියෙන ප්‍රශ්න විසදෙන්නේ නැහැ.
ඒ වගේම අද වෙනකොට රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. ඒවගේම වැඩි වුන විදුලි බිල නැවත වතාවක් ඔක්තෝම්බර් මාසයට පෙර පැවති බිල තමයි ගෙවන්න වෙන්නේ කියලත් මම කියන්න කැමතියි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart