42.31%
17.27%
32.76%
September 25, 2024

පියා සමඟ ඇදේ නිදා සිටි පස් හැවිරිදි දැරියක සොරාගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ බව කියන 17 හැවිරිදි තරුණයකු, මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අතහැර දමා පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

එම දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කිසිදු හිහැරයකට ලක්ව නොති වූ බව අනාවරණය වී යැයි පොලිසියේ නිලධාරියෙක් කීය.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ වාර්තා කර ඇත්තේ මෙසේය.

ජනාධිපතිවරණයට පසු දින (22) රාත්‍රී තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමග මත්පැන් සාදයකට සහභාගී වී, එම ප්‍රදේශයේ අඩක වැඩ නිමකරන ලද දැරිය පදිංචි දෙමහල් නිවස අසලට තනිවම මධ්‍යම රාත්‍රී 12.45 ට පමණ සැකකරු පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

නිවසේ ඉදිරිපස ජනේලයේ ආවරණයට යොදා තිබූ තිරය ඉවත් කර නිවසට ගොස් තිබූ සැකකරු පියා සමග සාලයේ එකම ඇඳේ නිදා සිටි දැරිය ඔසවාගෙන ජනේලයෙන් පිටතට පැමිණ මීටර් දෙසීයක් පමණ ඈතින් තිබෙන පුරන් කුඹුරු වෙල්යායේ තාප්පයක් අසලට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

දැරිය එදින පියා සමග එක ඇඳෙහි නිදාගෙන ඇත්තේ මව රෝගී වී යාබද කාමරයේ ඇදක සිටි නිසා බව පොලිසිය කියයි.

මවට රාත්‍රී ශාරිරික අවශ්‍යතාවක් ඇතිවී ඇයගේ මව ද අවදි කරගෙන නිවස තුළ වූ නාන කාමරය වෙත යෑමේදී සැමියා සමග දරුවා නිදාසිටි ස්ථානයට ගොස් දරුවා ද බලා නැවත මව සමග කාමරයට පැමිණ නින්දට ගොස් තිබූ බව පොලිසිය පවසයි.

මඳ වේලාවකදී දැරියගේ මවට සාලය දෙසින් යම් ශබ්දයක් ඇසී විමසිලිමත් වී ඇයගේ මවටද පවසා, ඔවුන් දෙදෙනාම නැවත පැමිණ සාලය දෙස බලා අනතුරුව ඇඳ දෙස බැලීමේදී සැමියා සමග ඇඳෙහි නිදා සිටි දරුවා එහි නොමැති බව දැක කලබලයට පත්ව මහ හයියෙන් කෑ ගසා සැමියා අවදි කර තිබූ බව පොලිසිය කියයි.

එසැණින් අවදි වූ සැමියා දරුවා සොයා නිවස තුළ සෝදිසි කිරීමේදී මට සහ මිත්තණිය දරුවා සොයා ඉදිරිපස දොර විවර කරගෙන නිවසින් පිටතට ගොස් ඇත.

නිවසට මදක් ඈතින් දරුවා කෑගසන හඬ මිත්තණයට ඇසී ඒ බව දරුවාගේ පියාට පැවසීමත් ඔහු කටහඬ ආ දෙසට කළුවරේම දිවගොස් පුරන් කුඹුරේ අත්හැර දමා ගොස් සිටි දියණිය සොයාගැනීමට සමත් වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස පුරන් කුඹුරු යායේ දැරිය දමාගොස් තිබු ස්ථානයේ තිබී ඉංග්‍රීසි අකුරු හතරක් සටහන්ව තිබූ සෙරෙප්පුවක් ඔස්සේ කළ දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දැරිය හොර රහසේ රැගෙන ගොස් ලිංගික අතවර කිරීමට උත්සාහ දැරූ සැකකරු දැරියගේ නිවසට මීටර් 400 ක් පමණ දුරකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

දැරිය හමුවූ ස්ථානයේ වැටී තිබූ සෙරෙප්පුව සැකකරුගේ මවට පෙන්වීමෙන් අනතුරුව එය තම පුතාගේ සෙරෙප්පුවක් බවට තහවුරු කළ බවද පොලිසිය වැඩිදුරටත් කියයි.

පොලිසිය එම ස්ථානයට පැමිණීමට විනාඩි කිහිපයකට පෙර සැකකරු එම ස්ථානයට පැමිණ දැරියගේ මව පියා සහ ගම්වාසීන් සමග දැරිය රැගෙන ගිය පුද්ගලයා සොයා ඒ මේ අත සක්මන් කරමින් දැරිය සොයා ඇතැයි ද ගම්වාසීන් පොලිසියට පවසා ඇත.

සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා කැස්බෑව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%