January 9, 2024

තායිවානය එහි මීළඟ ජනාධිපති, උප සභාපති සහ ව්‍යවස්ථාදායක නියෝජිතයා ජනවාරි 13 වැනිදා තෝරා පත්කර ගැනීමට සූදානම් බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

මිලියන 23.5ක ජනගහනයක් සිටින රටේ ඡන්ද විමසීම් ඉතාමත් වැදගත් බවද සදහන් කරයි.

තායිවානයේ 113කින් සමන්විත ව්‍යවස්ථාදායකය භූගෝලීය මැතිවරණ කොට්ඨාශ මත පදනම්ව ව්‍යවස්ථාදායකයන් 73කින්, පක්ෂ ලැයිස්තු මත පදනම්ව 34ක් සහ ස්වදේශික තායිවාන නියෝජිතයින් සඳහා වෙන් කර ඇති ආසන 6කින් සමන්විත වන අතර, එම පිරිස සිව් වසරක ධුර කාලයක් සදහා සේවය කරනු ඇත.

ඡන්ද විමසීම පෙරවරු 8 සිට ආරම්භ වී සවස 4ට අවසන් වන අතර, ඡන්දදායකයන් අතින් ගණන් කරනු ලබන කඩදාසි ඡන්ද පත්‍රිකා ප්‍රකාශ කරනු ඇති බව වාර්තා වේ.

මිලියන 19.5ක පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබේ.

පසුගිය මැතිවරණ දෙකේදී, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සාපේක්ෂව ඉහළ අගයක් ගත් අතර, 2016 දී සියයට 66.27ක් සහ 2020 දී සියයට 74.9ක් බව වාර්තා වේ.

64 හැවිරිදි වත්මන් උප ජනාධිපති Lai Ching-te ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ලෙස අනාවැකි පළකර තිබේ.