January 18, 2024

ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජනමත විචාරණයට චීනයේ මැදිහත්වීම් වලක්වන ලෙස තායිවානයේ විදේශ කටයුතු ඇමැති Jaushieh Joseph Wu ගෝලීය ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවට එරට ජනමධ්‍ය වාර්තා කරයි.

ජනවාරි 13 ජනාධිපතිවරණයට සහ ව්‍යවස්ථාදායක මැතිවරණයට පෙර අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ පූර්ව මැතිවරණ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සදහන් කර ඇත.

චීනය තායිවානය මැතිවරණ මැදිහත්වීමේ පරීක්‍ෂණ භූමියක් ලෙස භාවිත කරන බවට අනතුරු ඇඟවූ ඇමැතිවරයා චීනයේ විවිධ ඇඟිලි ගැසීම් උපක්‍රම පිලිබදව අනාවරණය කර තිබේ.

මිලිටරි තර්ජන, දේශපාලන ප්‍රචාරක, ආර්ථික බලහත්කාරකම් සහ සයිබර් සහ සාවද්‍ය තොරතුරු, යුද්ධය වැනි මිශ්‍ර ක්‍රම මත චීනය රඳා පැවතීම පිළිබදවද ඔහු අදහස් පළකර ඇත.

බොහෝ තායිවාන ව්‍යාපාර චීනයෙන් ආයෝජන ආපසු හරවා යවා ඇති බවත්, ඊට සමගාමීව, තායිවානය අනෙකුත් ජාතීන් සමඟ ආර්ථික හා වෙළඳ සබඳතා සක්‍රීයව පවත්වන බවත්, ආයතනික ආයෝජන, කර්මාන්තශාලා ආයතන සහ ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා වේගවත් කර ඇති බවත්, Taiwan Today වාර්තා කරයි.