April 18, 2025

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු කළ හෙළිදරව්වකට අනුව අතුරුගිරිය පොලිසිය විසින් ටී 56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගෙන තිබේ.

අතුරුගිරිය පොලිසියට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 12 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 1000 ක් ද සොයාගෙන තිබේ.

පසුව සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිදු කරන වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත ජීවඋණ්ඩ සහ තියුණු ආයුධය සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු 25 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.