August 8, 2024

‘නුසුදුසු පරිසරයක්’ නිර්මාණය කළ බව කියන ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකාවක් ප්‍රංශයේ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැර තිබේ.

2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පැරගුවේ වෙනුවෙන් පිහිනුම් ක්‍රීඩිකාවක වන ලුවානා ඇලොන්සෝ ඔලිම්පික් ගම්මානයේ රැඳී සිටි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකි.

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම්, නිදාගැනීම් සහ තරඟ කිරීමට ඔවුන්ගේ වාරය එනතුරු බලා සිටියදී එකට කාලය ගතකළහ.

මෙම පිහිනුම් ක්‍රීඩිකාව මීටර් 50, මීටර් 100 සහ මීටර් 200 සමනල ආර ඉසව්වල පැරගුවේ වාර්තා තබා ඇත.

ඩේලි මේල් පුවත්පතට අනුව, ඔලිම්පික් බලධාරීන් පවසා ඇත්තේ, “ඇයගේ පැමිණීම පැරගුවේ කණ්ඩායම තුළ නුසුදුසු වාතාවරණයක් නිර්මාණය කර ඇත.” යනුවෙනි.

සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු නොමැත.

එහෙත් ඇගේ Instagram කතාවලට අනුව, 20 හැවිරිදි ඇය එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ඩලස් විශ්ව විද්‍යාලයේ සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආපසු පැමිණ ඇත.