January 3, 2024

සේවාවලට බාධා කරන හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විෂය භාර ඇමැති කංචන විජේසේකර ලංවිම කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී ඇත.

මෙම උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ඇමතිවරයා ට්විටර්(X) පණිවිඩයක් මගින් අනාවරණය කර තිබේ.

ලංවිමේ යෝජිත ප්‍රතිසංස්කරණ අනුමැතිය සඳහා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ලංවිම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව ලබන සතියේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ඇත.

42.31%
17.27%
32.76%