March 27, 2025

කොළඹ යුනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට පසුගිය සෙනසුරාදා (22) රාත්‍රියේ සිදු වූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර වූ සැකකරුවන් සිව්දෙනකු අප්‍රේල් 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

ඊයේ (26) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේදී ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, යෝෂිත රාජපක්ෂ සමඟ ගමන් කළ පුද්ගලයන් පිරිසක් සහ ආයතනයේ ආරක්ෂක නිලධාරියකු අතර ඇති වූ ආරවුලකින් පසුව ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අඟහරුවාදා (25) කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.