
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ නිල නිවාසය තුළ සිදු වූ බව කියන දූෂණයට සම්බන්ධ සැකකරු හමුදාවෙන් පළාගිය අයකු ලෙස හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (11) පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.
සභාව අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සැකකරු සොයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවයි.
සඳුදා (10) රාත්‍රියේ සිදුවූ මෙම සිදුවීම කෝපයට හේතු වී ඇති අතර, රෝහලේ වෛද්‍යවරු කඩිනම් යුක්තිය ඉල්ලා වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.
32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබේ.
ඉන්පසු සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බියගන්වා දූෂණය කර ඇති බව වාර්තා වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද පාර්ලිමේන්තුවේදී කනස්සල්ල පළකරමින් මෙම සිදුවීම හෙළාදුටු අතර, රජයේ රෝහල්වල කාන්තා වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කළේය.
ඔහු රජයෙන් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර, එවැනි අපරාධවල වැරදිකරුවන්ට දඬුවම් කිරීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart