51.99%
17.7%
23.19%
August 17, 2024

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 102ක් භාවිත කරමින් ස්වර්ණාභරණ අලෙවිසැලකින් රත්‍රං මිලදී ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු රත්නපුර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු බදුල්ල, සොරණතොට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයකු බවට පොලිසිය හඳුනාගෙන ඇත.

රන් මාලයක් මිලදී ගැනීමට කැමැත්ත පළකරමින් සැකකරු ඊයේ අදාළ වෙළෙඳසලට පැමිණ ඇත.

ඔහු රුපියල් 5000 නෝට්ටු මිටියක් මේසය මත තබා ඇති අතර එම මුදල් නෝට්ටු ව්‍යාජ ඒවා බව හඳුනාගත් වෙළෙඳසල් හිමියා පොලිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු තිබූ මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමින් නිවසේ දී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පසුව අනාවරණය වී ඇත.

රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

51.99%
17.7%
23.19%