March 30, 2025

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට පහර දුන් බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව, මාර්තු 28 වැනි දින දහවල් කාලයේදී පෞද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී විශේෂඥ වෛද්‍යවරයකුට පහර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලැබූ විශේෂඥ වෛද්‍යවරයා මේ වන විට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 4 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.