Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුව ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන ශල්‍ය වෛද්‍යවරයකු එකී රෝහල් පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස වැඩ තහනම් කර මාස පහක පමණ කාලයක් නිස්කලංකව සිට ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
වැඩ තහනමට ලක්ව සිටින ශල්‍ය වෛද්‍යවරයා රෝහලට අනුයුක්තව සිටින ඇතැම් නිර්වින්දන වෛද්‍යවරුන්ගේ අක්‍රමිකතා පිළිබඳව හඬනඟා ඇති බව ‘ද ඩේලි මෝනිං’ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කරයි.
මූලාශ්‍රවලට අනුව ඔහුගේ වැඩ තහනම් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව සිදු කර ඇත්තේ, ඔහුව නිහඬ කිරීමට සහ සිදුවූ බව කියන අක්‍රමිකතා වසන් කිරීමටය.
“පුදුමයට කරුණ නම් වැඩ තහනමට ලක් වූ ශල්‍ය වෛද්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකකයේ රාජකාරි ආවරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙනත් සාමාන්‍ය ශල්‍ය වෛද්‍යවරයකු පත් කර තිබීමයි. මේ හේතුවෙන් ශල්‍ය වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ද අඩාල වී තිබෙනවා. ඕනෑම නිලධාරියෙකු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සම්මත විනය පටිපාටියක් පවතිනවා. එම ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා. වෘත්තීය සමිතිවල ඉල්ලීම් මත රෝහල් පරිපාලනයට තීරණ ගන්න බැහැ.” මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයකු පවසා ඇත.
2024 ඔක්තෝම්බර් 28 දිනැති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත යවන ලද ලිපියක මඩකලපුව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කේ. ගනේෂලිංගම් දන්වා ඇත්තේ, වැඩ තහනමට ලක්ව සිටින ශල්‍ය වෛද්‍යවරයාට එරෙහිව කිසියම් සංගමයක් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් පවතින බවයි.
ද ඩේලි මෝනිං කළ විමසීමකදී වෛද්‍ය ගනේෂලිංගම් මෙසේ පවසා ඇත. “ඔහුට අමාත්‍යාංශයෙන් කාත්තන්කුඩි මූලික රෝහලට තාවකාලික මාරුවක් ලබා දී තිබෙනවා. සේවය අත්හිටුවා නැහැ. මට කියන්න පුළුවන් එච්චරයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart