42.31%
17.27%
32.76%
October 12, 2023

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ ජනාධිපති උපදේශක සාගල රත්නායක සමග ඇමෙරිකාවට ගොස් ඇති බව සමගි ජන බලවේගය අනාවරණය කරයි.

අද (12) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මේ බව සඳහන් කළේය.

“පාස්කු ප්‍රහාරයට සම්බන්ධයැයි කියන පුද්ගලයින් ගැන රටේ නැවැත කතා බහක් ඇතිවෙලා තියෙනවා.

ඒ අතර සුරේෂ් සලේ කියන පුද්ගලයාගේ නමත් කියවෙනවා.

මේ සුරේෂ් සලේ කියන පුද්ගලයා සාගල රත්නායක සමඟ ඇමෙරිකාවේ ගිහින් කියලා ටයිම් පුවත් පත වාර්තා කරලා තිබුණා.

මෙවැනි තත්ත්වයක් යටතේ කොහොමද එවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ. එය බරපතල ගැටලුවක්.” යැයි චමිත් විජේසුන්දර එහිදී පවසා ඇත.

“එක එක කයිවාරු ගහපු මෛත්‍රීවරු දැන් රනිල් වික්‍රමසිංහ පස්සෙන් රට රටවල විදේස් සංචාර යනවා. රනිල් වික්‍රමසිංහ හිරේ යනකන් නින්ද යන්නේ නෑ කියපු, ආපු නැති පොහොර නැවකට ඩොලර් මිලියන 06 ක් ලබාදුන්න මහින්දානන්ද අලුත්ගමගේ අද ජනාධිපති එක්ක රට රටවල සංචාරය කරනවා.

ඒ වගේම රට අගාධයකට ඇදලා දාලා ජනතාව පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂට නිවසක් ලබාදීලා, ඔහුට නැවත කරළියට එන්න පුලුවන් විදිහේ තැනැක් හදලා දුන්නෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා.

රටේ ආර්ථිකය අද තිබෙන තැනට ඇදලා දාන්න වැඩ කටයුතු කළ හිටපු මහබැංකු අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් කිසිදු නීතිමය පියවරක් අරගන්න රජය කටයුතු කරලා නෑ.” යැයි හෙතෙම එම ජනමාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%