Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් තරගයෙන් ඉන්දියාව පරාජයට පත්වූ අතර, තරගයේ විශේෂත්වය වූයේ දෙපිළටම කිසිදු ඉනිමක විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමට නොහැකි වීමයි.
මෙලෙස විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි වූයේ තරගය පැවැති සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව වේගපන්දු යවන්නන්ට උචිත ආකාරයෙන් තණකොළ සහිතව නිර්මාණය කර තිබීමයි.
මේ නිසා විශේෂයෙන් ඉන්දීය පිතිකරුවන් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හමුවේ අසරණ වූ අතර, ඉනිම දෙකේදීම ඔවුන්ට ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.
මේ නිසා තරගය ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වූ අතර, ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග ලෝක කුසලාන ටෙස්ට් ශූරතාව වෙනුවෙන් පවත්වන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම තත්වය ඉන්දියාවේ හිටපු සුපිරි පිතිකරුවකු සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර්ට ඉවසාගත නොහැකි විය.
තරගයෙන් අනතුරුව ABC Grandstand රේඩියෝවේදී අදහස් දක්වමින් ගවස්කාර් කියාසිටියේ, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (SCG) තණකොළ සහිත තණතීරුව ඉතා අසාධාරණ ලෙස සකස්කළ එකක් බවයි.
කොළ පැහැති SCG තණතීරුව හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැක්ග්‍රාත් පවා මවිතයට පත්කළ ගවකාර් සඳහන් කළේය.
“මම කිව්වනේ ඊයේ තණතීරුව දැක්කම එළදෙනුන් ගිහින් තණකොළ කන්න තිබුණා කියලා. මෙය ඔබට අවශ්‍ය සුදුසුම ටෙස්ට් තණතීරුව නෙවෙයි. ටෙස්ට් තරගයක් සිව්වන සහ පස්වන දිනට යාමට යෑමට අවශ්‍යයි, ”ගවස්කාර් වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart