January 4, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සුමිත් ලාල් මෙන්ඩිස් සහ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල් ආර්. පීරිස් එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අතින් ඊයේ (03) පක්ෂ සාමාජිකත්වය ලබාගත් සුමිත් ලාල් මෙන්ඩිස් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ අයෙකි.

කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවන නිමල් ආර්. පීරිස් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක හමුවී පෙරේදා (02) පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආසනයේ සමග ජන බලවේගයේ ප්‍රබල දේශපාලන චරිතයක් වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමරවීර වීරවන්නි පසුගියදා (01) එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇත.

එජාප මහල්කම් පාලිත රංගේ බණ්ඩාර සහ ජාතික සංවිධායක සාගල රත්නායක සිරිකොත පක්ෂ මුලස්ථානයේදී හමුවූ සමරවීර වීරවන්නි පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.(මව්බිම)