February 8, 2025

හෙල්ල විසිකිරීමේ ක්‍රිඩක සුමේධ රණසිංහ 2025 වසරේ මේ දක්වා ලොව හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ක්‍රීඩකයකු විසිකළ වැඩිම දුර සනිටුහන් කිරීමට අද සමත්ව තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දියගම ක්‍රීඩාංගණයේ  සංවිධානය කර තිබෙන තේරීම් තරගයකදි ‍ඔහු මීටර 82.56ක දුරක හෙල්ල විසිකිරීමට සමත්ව තිබිණි.

ඉතාලියේ ජියෝවානි ෆ්‍රැටිනි මීටර 75.85ක දුරක් විසිකරමින් මිට පෙර එම දක්ෂතාවට හිමිකම් කියන ලදී.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දියගම ක්‍රීඩාංගණයේ  සංවිධානය කර තිබෙන තේරීම් තරගයට එක්වු රුමේෂ් තරංග ද මීටර් 79.58ක දුරක් විසිකරමින් මේ දක්වා ලොව දෙවන වැඩිම දුරක් හෙල්ල විසිකල ක්‍රිඩකයා වී ති⁣⁣බේ.

42.31%
17.27%
32.76%