February 12, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් මාර්ගගත ආරක්ෂණ පනත යටතේ, යූ ටියුබ් නාලිකාවක් තමා පිළිබඳව අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකර තිබේ.

ස්විට්සර්ලන්තයේ පදිංචි පුද්ගලයකු විසින් පවත්වාගෙන යනු ලබන එම යූ ටියුබ් නාලිකාව තමාට එරෙහිව අපහාසාත්මක චෝදනා එල්ල කර ඇති බවත්, තමාගේ පෞද්ගලික තොරතුරු හෙළිකර ඇති බවත් පෙත්සම්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.

පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස ගූගල්, යූ ටියුබ් හි මව් සමාගම ද නම් කර ඇති අතර, මෙම අවස්ථාවේදී සමාගම අන්තර්ජාල අතරමැදියකු ලෙස ක්‍රියාකළ බවට සේනසිංහ තර්ක කරයි.

අදාළ යූ ටියුබ් නාලිකාව චෝදනා කර ඇත්තේ, සුජීව සේනසිංහ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද V8 ලෑන්ඩ් කෲසර් රථයක් හිමිකරගෙන භාවිත කළ බවයි.

එම නාලිකාවේම වෙනත් වාර්තා මගින් හිටපු මන්ත්‍රීවරයා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ කර ඇති අතර, තවත් චෝදනාද එල්ල කර ඇති නුඹත් ඒවාද අසත්‍ය හා අපහාසාත්මක බව සුජීව සේනසිංහ පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සුජීව සේනසිංහ පවසන්නේ, වැරදි තොරතුරු වලට එරෙහිව පූර්වාදර්ශයක් සැපයීමට සහ එවැනි අසත්‍ය චෝදනාවලින් පුද්ගලයින් ආරක්ෂා කිරීමට තමන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි.

42.31%
17.27%
32.76%