January 9, 2024

ඩුබායි හි පැවති සංගීත ප්‍රසංගයකදී භාෂා 100කට අධික සංඛ්‍යාවකින් ගීත ගායනා කරමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දීය තරුණියක සමත්ව තිබේ.

ඉන්දියාවේ කේරළයේ 18 හැවිරිදි සුචේතා සතිෂ්, 2023 නොවැම්බර් 24 වන දින පැවැති ප්‍රසංගයේදී භාෂා 140 කින් ගීත ගායනා කිරීමෙන් මෙම වාර්තාව පිහිටුවා ඇත.

මෙලෙස ගීත 140ක් ගායනා කිරීම සඳහා ඇයට පැය 09ක කාලයක් ගතව තිබේ.

නිල ගිනස් ලෝක වාර්තා වෙබ් අඩවිය පැවසුවේ මෙය “ප්‍රසංගයක ගායනා කරන ලද වැඩිම භාෂා සංඛ්‍යාව” බවත් “140 අංකය ඩුබායි හි පැවැත්වෙන දේශගුණ විපර්යාස (COP 28) සමුළුවට සහභාගී වන රටවල් 140 නියෝජනය කිරීම සඳහා සංකේතාත්මකව තෝරාගෙන ඇති” බවත්ය.