Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාත මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරසන්ගස්වැව ගම්මානයේ දශක ගණනාවක් තිස්සේ ක්‍රීඩා කටයුතු සඳහා යොදාගත් ක්‍රීඩා පිටියක් වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවට සමීප සබඳතා ඇති පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් පවරාගෙන ඇති බවට එම ගම්මානයේ තරුණයෝ පිරිසක් චෝදනා කරති.
අදාළ පුද්ගලයා විසින් අත්තනෝමතික ලෙස පවරාගෙන තිබූ මෙම ක්‍රීඩා පිටිය මේ වන විට නව ආණ්ඩුව බලයට පත්වූවාට සමගාමීව වී වගාවක් බවට පත්කර ඇති බවට ඔවුහු චෝදනා කරති.
සන්ඩේ මෝනිං ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් ප්‍රදේශයේ තරුණයන් පවසා ඇත්තේ, දශක ගණනාවක් තිස්සේ තම ප්‍රජාව ක්‍රිකට්, වොලිබෝල් සහ පාපන්දු වැනි ක්‍රීඩා සඳහා මෙම ක්‍රීඩා පිටිය භාවිත කළ බවයි.
කෙසේවෙතත්, ඔවුන් චෝදනා කරන්නේ, ආණ්ඩුවට සමීප සබඳතා ඇති ප්‍රදේශයේ එක් පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපය මත බලහත්කාරයෙන් තම ඉඩම වගාවක් බවට පත්කළ බවයි.
අදාළ බලධාරීන්ට දිගින් දිගටම පැමිණිලි කළද මෙතෙක් තම දුක්ගැනවිලිවලට විසඳුම් ලැබී නොමැති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙම ක්‍රීඩාංගණයේ වසර 10කට අධික කාලයක් වොලිබෝල්, ක්‍රිකට් වැනි ක්‍රීඩා කළ බව ප්‍රසන්න කුමාර දිසානායක නමැති තරුණයකු පවසන්නේ, එක් පුද්ගලයකුගේ වුවමනාව මත එය ඩෝසර් කර කුඹුරක් බවට පත්කර ඇති බව සඳහන් කරමිනි.
පොදු දේපළක් බලහත්කාරයෙන් පවරාගැනීමට අදාළ පුද්ගලයාට අයිතියක් නොමැති බව අවධාරණය කර ඇති තවත් තරුණයෙක්, වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දී දින කිහිපයක් ඇතුළත එම ක්‍රීඩා පිටිය වගාවක් බවට පත්කළ බව සඳහන් කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය වෙනුවෙන් කටයුතු කර තිබියදීත් තමන් මෙම තත්ත්වයට පත් වූ බවද එම තරුණයෝ වැඩිදුරටත් කියාසිටිති.
මේ සම්බන්ධයෙන් වැඩබලන ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායකගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, රජයට අයත් ඉඩමක් ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් පවරාගෙන ඇති බවයි.
එම ඉඩම නැවත ලබාගැනීම සඳහා අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart