December 31, 2024

සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ, බිම් මට්ටමේ සාමාජිකයන් සමඟ ඇති සම්බන්ධය ශක්තිමත් කිරීම සඳහා පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් ආරම්භ කරන ලෙස ඉල්ලමිනි.

නායකත්වය නිර්මාණය කිරීමේ ප්‍රයත්නයේදී ‘කරනම් ගසන්නන්’ මගහරිමින් නායකත්වය සහ සාමාජිකත්වය අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව බාකීර් මාකර් එම ලිපියෙන් අවධාරණය කර ඇත.

අනාගත අභියෝග සඳහා සූදානම් වීම සඳහා පක්ෂය එහි ව්‍යුහය සහ මතවාදය පෙළගැස්වීමට තීරණාත්මක පියවර ගතයුතු බව ද අදාළ ලිපියෙන් ඔහු පෙන්වාදී තිබේ.

ලිපියේ සවිස්තරාත්මක නිර්දේශ 12ක් ඇතුළත් වන අතර, සමගි ජනබලවේගය සිය දෘෂ්ටිවාදී ස්ථාවරය ඒකාබද්ධ කරන ලෙස ද එමගින් ඔහු ඉල්ලා සිටියි.

එමෙන්ම බාකීර් මාකර් අවධාරණය කර ඇත්තේ, පක්ෂයේ මතවාදය සාර්ථකව සමාජගත කිරීමට හැකිවන පරිදි එක් කණ්ඩායමක් ලෙස අදහස් හුවමාරු කර ගැනීම සඳහා පක්ෂයේ සාමාජිකයන් ඉහළ සිට පහළට සංවිධානය කළ යුතු බවයි.

පක්ෂය තුළ එකමුතුකමේ වැදගත්කම තහවුරු කරමින් සාමූහිකව තීරණ ගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇත.

අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සඳහා, හැකි සෑම අවස්ථාවකදීම වගකීම් පැවරීමට සහ ඡන්ද විමසීමේදී සාමාජිකයන් සම්බන්ධ කර ගන්නා ලෙස ද ඔහු යෝජනා කර තිබේ.

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ඉමිතියාස් බාකීර් මාකර් හට සජබ නායක සජිත් ප්‍රේමදාස පසුගිය මහමැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු අසුනක් ලබාදුන්නේ නැත.

42.31%
17.27%
32.76%