October 18, 2024

මින්නේරියේදී අද අලුයම සිදුවූ දුරිය අනතුරකින් අවාසනාවන්ත ලෙස වන අලි කිහිපදෙනකු මියගොස් තවත් අලි කිහිපදෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇත.

වන අලි නිතර මාරුවන ස්ථානයක් ලෙස සැළකෙන මෙහි සිදුවූ අනතුරින් දුම්රියට සහ දුම්රිය මාර්ගයටද දැඩි හානි සිදුවී ඇත.

මෙම අනතුරට මුහුණදුන් දුම්රිය පැදවූ රියැදුරු පවසන්නේ, මීටර් 20ක් පමණ තිබියදී වන අලි රංචුව රුම්රිය මාර්ගය හරහා ගමන්ගන්නා ආකාරය තමා දුටු බවත්, අනතුර වළක්වා ගැනීමේ හැකියාවක් නොතිබූ බවත්ය.

රංචුවේ බහුතරයක් වන අලින් දුම්රියේ ගැටුණු බව රියදුරු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අනතුර නිසා දින කිහිපයක් ගතවන තුරු මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි බව වාර්තා සඳහන් කරයි.

පහතින් දැක්වෙන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් ජාතික රුපවාහිනිය සකස්කළ වීඩියෝවකි.

42.31%
17.27%
32.76%