Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.
එම සියලු වාර්තා අසත්‍ය බවත්,1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ.
‘ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි විශ්‍රාම වැටුප හිමිවන අතර, කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ඔහුට හිමි වේ.
එමෙන්ම දැනට වාහන 03ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති අතර Mercedes Benz -600 maybatch (B/P) car 2008, Toyota Land Cruiser – 2017, Mercedes Benz – G63 AMG 4*4 2850 jeep 2013 යන වාහන 03 ඔහු වෙනුවෙන් වෙන්කර තිබේ.
ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබාදෙන අතර එම වාහන සඳහා රියදුරන් තිදෙනකු නිදහස් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි.
ඒ වෙනුවෙන් දැනට සේවයේ නියතු යුද හමුදා හා නාවික හමුදා සෙබළුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180දෙනකු යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනකු සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනුකමිටුවක් ද පත්කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිතය.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart