Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු සජීව විකාශය කිරීම නවත්වා එය පැය භාගයක් ප්‍රමාද කර විකාශය කරන ලෙස තමා කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් ඉල්ලීමක් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද හම්බන්තොටදී පැවැති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
“පාර්ලිමේන්තුවේ අනවශ්‍ය මඩ ප්‍රහාර සහ වෙනත් බොහෝ දේ කතාකරනවා. අධිකරණය හා විනිසුරුවන් ඉලක්ක කරගෙන වරප්‍රසාදවලට මුවා වෙලා විවිධ ප්‍රකාශ කරනවා. අනවශ්‍ය දේට කාලය මිඩංගු කරමින් වැඩකට නැති දේවල් කතාකරනවා. මේවා බලාගෙන ඉන්න අයට පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය නැතිවෙනවා. බලන්න විපක්ෂ නායක විසි හත දෙක යටතෙ අහන ප්‍රශ්න. වැඩිම කාලයක් කතාකළේ ක්‍රිකට් ගැන. අයවැය වැය ශීර්ෂ ගැනකතා කරපුවා මොනවද? ඉතාම අතලොස්සයි. මේ හේතූන් නිසා පාර්ලිමේන්තු විකාශනය පැය බාගයක් විතර පරක්කු කරන්න කියලා මම කථානායකතුමාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් මම ඉල්ලීමක් කළා. ඇත්තටම අපි පාර්ලිමේන්තුවට ඇවිත් කතාකළ යුත්තේ රටට හා ජනතාවට ප්‍රයෝජනවත් දේවල් පමණයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart